Sunday 9 October 2016

දෙය්යා මාරුකිරීම

මේ සිද්දියත් පාර දෙක පැත්තට සම්බන්දය්.

සාමාන්‍යෙයෙන් ජල විදුලි ව්‍යාපෘතියක තියෙන මූලික අන්ගයක් තමය් පෙන්ස්ටොක් කියන අදි පීඩක නල මාර්ගය. අපි උත්සාහ කලා, එක ව්‍යාපෘතියකදි කෙටිම දිගක් තියන පෙන්ස්ටොක් එකක් පාවිචිචි කරන්න. වාසි දෙකක් උඩ. එක , මේ නල පිටරටින් ගෙන්වන්න ඕනා. ඒවා ගනන්.අඩුම දිග  මූල්‍යයමය විදියට ලාබදායකය්.දෙක, නලයේ දිග අඩු නිසා වැඩි පුර ශක්තිය නිපදවන්න පුලුවන්.
ඉතින් අපි පෙන්ස්ටොක් ගෙන්නුවා. ඉදිකිර්‍ර්ම්  පටන් ගත්තහම තමය් ප්‍රශ්නේ . කෙටිම දුර මාර්ගයෙ හරි මැද ගහක්.ඒ ගහ මුල ගලක්.ගල ලග වත්තේ ජනතාව පුද පූජා කරනවා. ගහ කපල  ඉවත් කරනව කියන්නෙ  වත්තෙ සේවකයො අපිට විරුද්ද වෙන එක. එතකොට ව්‍යාපෘතිය නවතිනව. නැත්නම් අලිතින් නල ගෙනත් වැඩියෙන් දිග  නල මාර්ගයක් තෝරා ගන්න,වෙනවා. ඒකට මුදල්,සහ කාලය වැය වෙනවා.
ඉතින් කලුවා කලේ වත්තේ පූසාරි හම්බවන්න ගියපු එක. කලුවත් එක්ක ගියා වත්තෙ ගෝලයො දෙන්නෙක්එක්ක, සූප්පු සහ රාජා.දැන් කලුවා නෙමෙය් කතා කරන්නෙ.සූප්පු.
සූප්පු දෙමලෙන් ප්‍රශ්නෙ කිව්ව. මේ අතරෙ රාජා ගෙ ටිකිරි මොලේ වැඩ කරා. මොකද දෙන්නටම පාර දෙකට යන්න පරක්කුවෙනවනෙ මේ කතාව,හින්ද.
අන්තිමට රාජා ගෙ යෝජනාව තමය් දෙය්‍ යො දැන් ඉන්න ගහෙන් එහා පැත්තෙ තියන අනිත් නුග ගහට මාරු කරන එක.   පූසාරි කල්පනා කරල කිව්වා ටිකක් තද පූජාවක් කරන්න ඕනා කියලා. කුකුල්ලු කීප,දෙනෙක්, අරක්කු බෝතල් කීපයක්, මල් , සාම්බ්‍රානි එහෙම ඕනා කිව්ව. දැන් සූප්පු ට රාජටය් ලියන්න බැරි හින්දා කලුවට තමය් අවශ්‍ය ද්‍රව්‍ය ලේකනය ලියා ගන්න උනේ.ඉතින් අවශ්‍ය ද්‍රව්‍ය ලියල ඒ සතියෙ සෙනසුරාදා වැඩේ තීන්දු කර ගත්තා.
දැන් කලුවා ගේ අතින් අරක්කුබෝතලේක ගාන බැලන්ස් කරගත්තු සූප්පුය් රාජය් ගෙදර,ගියා. කලුවා ලිස්ට් එක අරගෙන වැඩ බිමට ආවා. වැඩ බිමේ ගෝලයෙකුට කිව්වා බඩු ටික හොයලා තියන්න කියලා. ලන්කාවෙ වතුවල ලැය්මෙ ඇති පදම් කුකුල්ලු ඉන්නවනෙ. කුකුල්ලු පස් දෙනා හොයා ගැනීම සුලු දෙයක්.
සෙනසුරාදා උදේම පූසාරි ආවා. මල් සාම්බ්‍ර්‍රානි හදුන් කූරු එක්ක වැඩ පූසාරිගෙ. සූප්පු ය් රාජය් අරක්කු සහ කුකුල්ලු එක්ක වැඩ.
කුකුල්ලුන්ගෙ ලේ ගොටුවකට දාන්න කලින් ඉතා පහසුවෙන් රාජා උන්ගෙ බොටු කරකවලා ලේ ගොට්ටට අරගත්තා. ඉතුරු ටික ඉව්වා. බතුත් ඉව්වා. එක ගොට්ටක ට අරක්කු සුට්ටකුත් දැම්ම. ඒ බෝතලෙන් ගොඩක් සූප්පු අමුවෙන්ම ඇදලා ඇරියා. පූජාව තියල පූසාරි දෙය්‍ යො අනිත් ගහ ගාවට මාරු කලා. ඇවිත් හිටපු වත්තෙ ජනතාව පූජාවෙ ඉතිරි වුන දේවල් ගැන බලන කොට කලුවා ගෙ බැකෝ ඔපරේටර් දෙය් යන් ගෙ පරන ගහ මුලෙන්ම උදුරලා දැම්මා. පූසාරි එනකොට පරන ගහ බිම.
විනාඩි කීපයකින් අරක්කු බෝතල් කීපයත් මසුය් බතුය් ඉවරය්. දෙය් ය ගහ මාරු කරලා