Friday, 2 September 2016

බාප්පා

ඉස්සර අපි විශ්ව විද්‍යාලෙ ඉවරවෙලා ගෙදර යන්වා, 255 බස් එකේ. කටුබැද්දෙන් පිලියන්දලට, මන් හිතන්නෙ කම්මැලිම ගමනක්.
අපි ඒ වුනාට වැඩේ අතාරින්නෙ නැහැ. මොකක් හරි විදිහක් හොයාගන්නවා ගමනේ ඒකාකාරී බව නැති කරගන්න.බස් එකේ යන කෙල්ලන්ට විහිලු කරහම උන්ට මල පනිනවානෙ.
එක දවසක් හවස අපි බස් එකට නැග්ගා.අපේ මිත්‍රයෙක් කිව්වා අද ඔන්න උඹලා කෙල්ලන්ට විහිලු කරන්න යන්න එපා. අපේ බාප්පා ඉන්නවා  බස් එකේ කියලා.අපි ඇහුවා කෝ කෝ කියල. අනේ අපේ ගොන් මිත්‍රයා බාප්පව පෙන්නලා බස් එකේ ඉස්සරහට ගියා.
පිලියන්දලදි බස් එකෙන් බාගයක් බහිනවනෙ. අපේ යාලුවගෙ කරුමෙට අපි දෙන්නම ඉදගත්තෙ අපේ යාලුවගේ බාප්පා පිටිපස්සෙ. අපි කියමු යාලුවගෙ නම ජගත් කියලා. ඔන්න අපි පටන් ගත්තා " අද නම් ජගත් ගේ නෑයෙක් බස් එකේ ඉන්නවා වගේ. පූසා වගේ ඉස්සරහට වෙලා ඉන්නවා.වෙනදාටනම් කෙල්ලෙකුට ඉන්න බැහැ. විහිලු කරනවා. කොන්ඩෙන් අදිනවා. ".
ජගත් ගේ බාප්පට පැලෙන්න හිනා. ජගාට මල. කොට්ටාව හන්දියටත් එන්න කලින් බස් එකෙන් පැනල දිව්වා. ඊලග දවසෙ අපිට ඩිජිටල් කතා වක් කියලා ආයෙනම් උඹල එක්ක එක බස් එකේ යන්නෙ නෑ කියලා කිව්වා

No comments:

Post a Comment