Friday 19 August 2016

භික්ෂු

ඔන්න මේ කතාව පටන්ගන්නකොටම කියන්න ඕනා මේක ආගමකට, දේශපාලන ව්යාපාරයකට, මඩ ගැහීමේ පරමර්ත්යෙන් ලියපු එකක් නෙවී. හුදෙක් පරන කතාවක් ලිවීම පමනය්.
අපි විශ්ව විද්යාලෙ ඉන්න කාලෙ ඉන්ජිනේරු ශිශ්යයොය්,  NDT ශිශ්යයොය්අ
තර ප්‍රශ්නයක් තිබුන. මේ ප්‍රශ්නෙදි, අනිත් විශ්ව විද්යාල වල ශිශ්ය සන්ගම් වල සහයොගය අවශ්යය් කියල සමහර ශිශ්යයො හිතුව.ඒ අතරෙදි, එකෙක් කිව්ව, භික්ශු සන්ගම් වල සහයොගයත් වැදගත් කියල.
මට මතක විදිහට මේ මිත්‍රයම බික්ශු ශන්ගම් වල සහයොගය ලබාගැනීමට විශාල වැඩ කොටසක් කරා. , 

දැන් කතාව,
ඔය කාලෙ අපේ මිත්‍රයො ටික්ක හවස්වරුවක බොඩිමකට සෙට් වෙලා පොඩි ආතල් එකක් ගන්නව. අපේ බික්ශු සන්ගම් මිත්‍රය කඩ ගෙන පැන්න මෙතෙන්ට.
"මචන්, ඔන්න පේරා භික්ෂු අපිට සපොර්ට්, කැලනියත් හරි, රුහුනය් ජ්පුරය් තමය් අල්ල ගන්න තියෙන්නෙ කියල"
එතකොට එකෙක් අහුවා " එතොකොට මචන් මලවතු අස්ගිරි භික්ෂු මොකද කියන්නෙ කියල

එතකොටම එකෙක් අහපි " මචන්  ඔය ඔක්කොටම කලින් ආනන්දාරම භික්ෂු මොකද කියන්නෙ කියල අහුවනම් හොඳය්  නේද කියල
(අටුවාව )
මොරටුව විශ්ව විද්යාලයට ලගින්ම තියන පන්සල ආනන්දාරාමය

Friday 12 August 2016

ඇහුවා, බෑ කිව්වා

අපි විශ්ව විද්යාලෙ ඉන්න කලෙ, අපේ මිත්‍රයෙක් අලුත් අවරුද්දෙ අරගෙන ආවා මරු දෙයක්. කවුරු හරි දුන්න ඩයරියක්.
අපේ මිත්‍රය මුල් පිටුවෙ නම, ගම විස්තර ලිව්වට මේ දිනපොත යාවත්කාලීන කලේ නැහැ.. එක පිටුවකවත් මොකුත් ලියල නැහැ..ඉතින් හොඳ මිත්‍රයො හැටියට දින පොත යාවත් කාලීන කිරීම මිත්‍රයො බාර ගත්ත.

ජනවාරි පලවෙනිදා

අවුරුදු විසිතුනකුත් වුනා, තාම තනිකඩයා, මේ අවුරුද්දෙනම්  කොහොම හරි බඩු කෑල්ලක් සෙට් කර ගන්නව /

ජනවාරි දෙවෙනිදා
මේ ඉන්ජිනේරු පීටයෙ ඉන්නෙ යක්කුනෙ, ඇහට කනට පේන හැම එකීටම කොල්ලෙක් ඉන්නව,හිරියන්නෙ නැහැ.  වාස්තු විද්යා පීඨයෙ වත් බලන්න ඔන

ජනවාරි තුන්වෙනිදා
රවුමක් දැම්මා, එකක් සිලෙක්ට් කර ගත්තා. හෙට අහනව

ජනවාරි හතර
ඇහුවා, බෑ කිව්වා

ජනවාරි  පහ
හිත අප්සැට් කර ගන්න හොඳ නැහැ. බලන්න ඕන  NDT එකෙන්,ඒකෙ හොඳ කෑලි ඉන්නව

ජනවාරි  හය
රවුමක් දැම්මා, එකක් සිලෙක්ට් කර ගත්තා. හෙට අහනව

ජනවාරි  හත
ඇහුවා, බෑ කිව්වා

ජනවාරි  අට
මේකෙ ඉන්න කෑලි හිතන් ඉන්නෙ වෙන කෙල්ලො නැහැ වගේනෙ, මූදෙ ඉන්නෙ එක මාලුවද, එලියෙන් එකක් සෙට් කර ගන්නව, කටුබැද්දට හවසට ගිහින් බලන්න ඕන

ජනවාරි  නවය
හුප්, කැම්පස් එකේ ඉන්නෙ  කෙල්ලොද, කටුබැද්දෙනෙ කෙල්ලො ඉන්නෙ, හවස පහට විතර ගියාම.

ජනවාරි  දහය
එකක් සිලෙක්ට් කර ගත්තා. හෙට අහනව

ජනවාරි  11
ඇහුවා, බෑ කිව්වා

ජනවාරි  12
හෙට විතර පිලියන්දල වත් ගිහින් බලාන්න ඕනා.

.ජනවාරි  13

හුප්, කැම්පස් එකේ ඉන්නෙ  කෙල්ලොද, පිලියන්දලනෙ කෙල්ලො ඉන්නෙ, හවස 2ට  විතර ගියාම

ජනවාරි  14
රවුමක් දැම්මා, එකක් සිලෙක්ට් කර ගත්තා. හෙට අහනව

ජනවාරි  15
ඇහුවා, බෑ කිව්වා


ඊට පස්සෙ දිගටම



ඇහුවා, බෑ කිව්වා