Saturday 21 May 2016

පාර දෙක

ගම්පොල නුවර එලිය පාරෙ ගම්පොල පුහුවුනාම හම්බවෙන කුඩා කඩ මන්ඩියක් තමය් පාර දෙක කියන්නෙ. මේ කඩ මන්ඩිය හරි විශේශ තැනක්. මහය්යාවෙ රා කඩේ පහුවුනාම ඊ ලගට හම්බෙන රා කඩේ තියෙන්නෙ මෙතන.
මේ අවට වතු ආශ්‍රීත ජනතාව බහුලය්. පුස්සැල්ලාව වැවිලි සමාගමට සහ තවත් වැවිලි සමාගම් කීපයකට අයත් තේ වතු ගොඩක් පාර දෙකට කිට්ටුව තියනවා.මේ වතුවල ජීවත් වෙන ජනතාව හවස හතරට විතර මෙතැනට ඇදෙනවා රා සුට්ටක් බොන්න. මන් හිතන්නෙ උදේ හයේ ඉදලා වතුවල තමන්ගෙ  ලේය් දහදියය් හෙලන ජනතාව හවසට මෙතෙන්ට එනව තමන්ගෙ අතේ මිටේ තියන ගානට කික් එකක් ගන්න
හවස හතරට විතර මෙතැනට සෑහෙන ජනතාවක් එකතු වෙනව. ඒ දවස්වල නම් දාහක කිට්ටුය්. දන්නෙ නැති කෙනෙක් හිතන්නෙ රැස්වීමක් කියල.
මෙතැනට රා එන්නෙ මාදම්පෙන්. උදේ ගහෙන් බාන බඩු ප්ලස්ටික් බූලි වල දාල මෙතෙන්ට ගේනව. බූලියෙන් කෙලින්ම රා කඩේ කල්දේරමට
කල්දේරමෙන් ලොකු ප්ලාස්ටික් කෝප්පෙක්ට ගන්න රා මිනිස්සුනෙට දෙන්නෙ බොතලේකට. රා බොන්න ඕන අය බෝතලයක් ගේන්න ඔන. කඩෙන් බෝතල් දෙන්නෙ නැහැ. ඉතින් මිනිස්සු ගෙදරින් හරි කොහෙන් හරි ප්ලාස්ටික් බෝතලයක් ගේනව. මන් හිතන්නෙ ලීටර් එකේ ප්ලාස්ටික් බීම බෝතල් තමා හරියටම හරි යන්නෙ.
ඒ දවස්වල රා ලීටරයක් රුපියල් දහයය්. රා කල්දේරමේ පතුලේ තියන දහ ජරාවත් එක්ක.
රා බෝතල් දෙකය්, මදි හරියට එහා පැත්තේ බාර් එකෙන් ගල් මිලි ලීටර් සීයය්. කට්ටිය  කකුල් හතරෙන් කදු නගිනවා ගෙදර ( ලැය්මට ) යන්න. ගෙදර හොයා ගන්න බැරි වුන අය තේ පදුරක් යට නිදාගෙන පාන්දර ගෙදර යනවා. ගෑනු ගැන හිතන මිනිස්සු පවුලටත් බෝතලයක් අරගෙන යනවා.දැන් ප්‍රශ්නෙ තියන්නෙ බෝතල් නැති අයට. වත්තෙ හරි වෙන කොහෙ හරි වැඩ ඉවර කරල , අලුත් සරමක් ඇදලා, නාලා ( සමහර වෙලාවට ) යන අව්වස්සෙ බෝතල් අමතක වෙනවනෙ. රා කඩෙන් බෝතල් නැත්නම් බඩු දෙන්නෙ නැහැ.
ඔන්න ඔයවෙලවට තමය් මෙතන පොඩි බිස්නස් එක්කක් යන්නෙ. බෝතල් හයර් කිරීම. එක බීමකට රුපියල් දෙකය්. දහ සැරයක් හයර් කරාම බෝතලේ අයිති කාරයට රා බෝතල් දෙකය්.
ඕකට තම්ය් ව්යවසායකත්වය  කියන්නෙ. කොහොමද ටිකිරි මොලේ

1 comment:

  1. හම්මේ.. මේ ඊයේ පෙරේදත් ඔතනිං ගියා.. රා කඩේ ගැන හාංකවිසියක් දන්නේ නෑනේ.. ආ.. සිංදූපා දොස්තර නෝනා තමයි පාර(දෙක) පෙන්නුවේ

    ReplyDelete